සාමාන්‍ය තොරතුරු

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ වර්ග කිලෝමීටර් 13.5 කින් යුක්ත වන අතර, ජන ගහනය 62545 කි. එහි ලියාපදිංචි චන්ද සංඛ්‍යාව 37,237 ක් වන අතර පිහිටා ඇති ග්‍රාම නිලධාරී කොට්ටාශ ගනණ 18කි.

                අලංකාර භෞතික පරිසරයකින් හෙබි බොරලැස්ගමුව නගරය කෙත්වතු, උස් හා පහත් බිම් වලින් මෙන්ම ජලාශ වලින් යුක්ත වේ. බෙල්ලන්විල ඓතිහාසික බෝධීන් වහන්සේ වැඩවාසය කරන අතර පිල්ලෑව බෝ සමිදුන් වැඩසිටින ඓතිහාසික සංස්කෘතියට උරුමකම් කියන පුද බිමකි.



                පහතරට තෙත් කලාපයට අයත් වන මෙම ප්‍රදේශය නිරිතදිග මෝසමින් හා (මැයි,අගෝස්තු) දෙවන අන්තර් මෝසමින් (ඔක්තෝබර්, නොවැම්බර්) අධික වර්ෂාවක් ලබයි. වාර්ශික සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ අගයක් ගනී.



මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 100කට වඩා අඩු උස් බිම් හා පහත් බිම් මෙන්ම තෙත් වගුරු බිම් වලින් යුක්ත ප්‍රදේශයන් පිහිටා ඇති අතර මෙම නගර බල ප්‍රදේශය හරහා මනරම් වේරැස්ගඟ ගලාබසී.



ඓතිහාසික බෙල්ලන්විල රජමහ විහාරයද මෙම බල ප්‍රදේශයට ආශිර්වාදයකි. එසේම පිල්ලෑව විහාරය ඇතුළු විහාරස්ථාන 14ක්, පාසල් 6ක්, පිරිවෙන් විද්‍යාල 1ක් හා අලංකාර කුරුලු අභය භූමියක් මෙම බල ප්‍රදේශයේ පිහිටා ඇත.

vision